ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාද

0
8

මන්නාරම හරහා කන්කසන්තුරය සිට පුත්තලම දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු සීමා රළු විය හැකි බව ද සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here