නාවි පිල්ලේ මහත්මියගේ මානව හිමිකම් මෙහෙවර ගෝලීය දෙමළ සංසදයේ (GTF) පැසසුමට.

0
10

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවානෙතම් “නාවි” පිල්ලේ (Navanethem “Navi” Pillay) මහත්මිය මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිය සහ යුක්තිය ඉටු කිරීම උදෙසා සිදුකරන ලද අනුපමේය මෙහෙවර ඇගයීමට ලක් කරමින් ගෝලීය දෙමළ සංසදය (Global Tamil Forum – GTF) විසින් ඇය වෙත සිය ප්‍රශංසාව සහ උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

ගෝලීය දෙමළ සංසදය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පැවැති සන්නද්ධ ගැටුම් සමයේ සිදුවූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වූ චෝදනා ජාත්‍යන්තර අවධානයට යොමු කිරීමටත්, වින්දිතයන් උදෙසා සත්‍යය සහ යුක්තිය ඉටුකිරීමටත් ඇය දැක්වූ කැපවීම දෙමළ ජනතාවට විශේෂයෙන් වැදගත් වූ බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඇය කළ කැඳවීම යුක්තිය උදෙසා වූ අරගලයේ වැදගත් සංධිස්ථානයක් ලෙස ද එම සංසදය පෙන්වා දෙයි.

නාවි පිල්ලේ මහත්මියගේ සමස්ත වෘත්තීය ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් GTF සංසදය පහත කරුණු අවධාරණය කරයි:

දකුණු අප්‍රිකාවේ පැවැති වර්ණභේදවාදී පාලනයට එරෙහිව නීතිඥවරියක සහ විනිසුරුවරියක ලෙස ඇය ඉටුකළ කාර්යභාරය.

ස්ත්‍රී දූෂණය සහ ලිංගික හිංසනය ජාත්‍යන්තර නීතිය යටතේ මානව හිමිකම් විරෝධී අපරාධ ලෙස පිළිගැනීමට ඇය සිදුකළ නීතිමය මැදිහත්වීම.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කරමින් ජාති, ආගම් හෝ වර්ග භේදයකින් තොරව මානව හිමිකම් සුරැකීමට ඇය දැක්වූ නායකත්වය.

ගාසා තීරයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස ඇය සිදුකරන කාර්යභාරය ද මෙහිදී ඇගයීමට ලක්කර ඇත. කුමන රටක් හෝ පාර්ශ්වයක් සම්බන්ධ වුවද ජාත්‍යන්තර නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමේ ඇගේ ප්‍රතිපත්තිය මෙයින් මනාව පැහැදිලි වන බව GTF සංසදය සඳහන් කරයි.

එමෙන්ම ජාත්‍යන්තර අධිකරණය (ICJ) සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වැනි ආයතන සබල ගැන්වීමේ වැදගත්කම ද සංසදය විසින් අවධාරණය කර තිබේ.

85 වැනි වියේ පසුවන නාවි පිල්ලේ මහත්මියගේ දෙමළ උරුමය පිළිබඳව ආඩම්බර වන බව සඳහන් කරන ගෝලීය දෙමළ සංසදය, ඇයගේ සේවය ලොව පුරා දෙමළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here