නොවැම්බර් 03 වන දින පැවැත්වීමට නියමිත ඇමෙරිකානු වාර මධ්‍ය මැතිවරණයට (Midterm Elections) සති කිහිපයක් තිබියදී, ඩෙමොක්‍රටික් පක්ෂ කොංග්‍රස් මන්ත්‍රී ඉල්හාන් ඕමාර්ගේ (Ilhan Omar) වොෂින්ටන් ඩී.සී. ආශ්‍රිත නිවස ඇමෙරිකානු ෆෙඩරල් නිලධාරීන් විසින් හදිසි සෙවුම් මෙහෙයුමකට ලක් කර තිබේ.
මන්ත්‍රීවරියගේ කාර්යාලය මෙම පියවර හඳුන්වා දී ඇත්තේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් සිය දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව සිදු කළ “පූර්ව තීව්‍ර කිරීමක්” ලෙසයි.
ස්වදේශ ආරක්ෂක විමර්ශන අංශයේ (Homeland Security Investigations) නිලධාරීන් විසින් සඳුදා අලුයම මෙම සෙවුම් මෙහෙයුම සිදු කර ඇත.
ඉල්හාන් ඕමාර් මහත්මිය කුඩා කාලයේ ඇගේ මියගිය පියා විසින් ඉදිරිපත් කරන ලද ලේඛනවල සිදුවූ බව කියන ආගමන වංචාවක් (Immigration Fraud) සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පවත්වා ඇති බව ෆොක්ස් නිවුස් වාර්තා කරයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් ඇයට එරෙහිව කිසිදු නිල අධිචෝදනාවක් ගොනු කර නොමැත.
සෝමාලියාවේ උපත ලබා කුඩා කල සරණාගතයකු ලෙස ඇමෙරිකාවට පැමිණ පුරවැසිකම ලැබූ ඉල්හාන් ඕමාර්, මින්සෝටා ප්‍රාන්තය නියෝජනය කරන ප්‍රමුඛ මන්ත්‍රීවරියකි. ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි දේශපාලන ප්‍රහාරවලට නිතර ලක්වන ඇය, X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මෙම මෙහෙයුම දැඩි ලෙස හෙළා දුටුවාය.
“මම හොඳින් සිටිනවා. පැහැදිලිවම මෙය දේශපාලන සතුරන් ඉලක්ක කිරීමට සහ ෆෙඩරල් නීති බලාත්මක කිරීමේ ආයතන දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීමට දැරූ උත්සාහයක්. වසර 10ක් පුරා ට්‍රම්ප් මට එරෙහිව පදනම් විරහිත බොරු සහ මඩ ප්‍රචාර එල්ල කළා. මෙය ඔහුගේ දේශපාලන තර්ජනය කිරීමේ ව්‍යාපාරයේ තවත් එක් පියවරක් පමණයි.”ඉල්හාන් ඕමාර් පවසන්නීය.
ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ බලය තීරණය වන තීරණාත්මක මැතිවරණය ආසන්නයේ සිදු වූ මෙම සිදුවීම හේතුවෙන් එරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.


He has bad scene about defeat in easy ways.