රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ක්‍රිකට් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී, නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා අද (8) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම යෝජිත පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් නීතිමය ප්‍රතිපාදන හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට දැඩි අගතියක් හා බලපෑමක් එල්ල විය හැකි බව පෙත්සම්කරු විසින් සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

