නවසීලන්ත ප්‍රහාරය : ජාතිවාදයට එරෙහි සටනට එක්වන ලෙස නවසීලන්ත අගමැතිනිය ඉල්ලයි – නවසීලන්ත ගිනි අවි නීතියත් වෙනස් වෙයි (photo)

0
520

NEWSNOW | – ජාතිවාදී දක්ෂිණාංශික මතවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෝලීය සටනක අවශ්‍යතාව නවසීලන්තයේ අගමැතිනිය ජසින්ඩා ආඩන් අවධාරණය කරයි.

ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් ඉස්ලාම් දේවස්ථානය
ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් ඉස්ලාම් දේවස්ථානය

ඇය ඒ බව කියා සිටියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බීබීසී සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

සංක්‍රමණ ඉහළ යාම ජාතිවාදය වර්ධනය වීමට බලපා ඇතැයි යන අදහස තමන් බැහැර කරන බව අගමැතිනිය ජසින්ඩා ආඩන් වැඩිදුරටත් පැවසීය.

පළමු ප්‍රහාරය: අල් නූර් දේවස්ථානය

පසුගිය සිකුරාදා (මාර්තු 15) එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් පනස් දෙනෙකු මරණයට පත් වූ අතර තවත් ගණනාවක් තුවාල ලැබීය.

ප්‍රහාරය සිදු කළ බ්‍රෙන්ටන් ටරන්ට් නමැති විසි අට හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

මරණයට පත් පිරිස අතරින් සිරියානු ජාතික පියෙකුගේ සහ ඔහුගේ පුතුගේ අවමංගල්‍ය කටයුතු බදාදා (මාර්තු 20) සිදුවිය.

ප්‍රහාරයේ ඉලක්ක බවට පත් ස්ථාන දෙකෙන් එකක් වන ක්‍රයිස්ට්චර්ච්හි ලින්වුඩ් ඉස්ලාමීය මධ්‍යස්ථානය අසල සුසාන භූමිය වෙත ශෝකයට පත් සිය ගණනක් එක් රැස්ව සිටිති.

Mourners carry the casket of a 58-year-old man during the fifth funeral for the 50 victims of the mosque shootings at the Memorial Park Cemetery in Christchurch, New Zealand, 20 March 2019
අවමංගල්‍ය සඳහා එක්ව සිටි පිරිස
නවසීලන්ත ප්‍රහාරය

අගමැතිනිය පැවසු කරුණු මොනවාද?

දක්ෂිණාංශික ජාතිකවාදය පිළිබඳ විමසු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ: “මේක සිදු කළේ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්. නමුත් ඉන් කියවෙන්නේ නැහැ නවසීලන්ත ජාතිකයන්ගෙන් බහුතරයකට නින්දාවක් විය හැකි එවැනි මතයක් නවසීලන්තයේ ඇති බව.” යනුවෙනි.

කොතැනක පැවතියත් එවැනි මත මුලිනුපුටා දැමීමටත් එවැනි මතවලට සමෘධිමත්ව වැඩිය හැකි පරිසරයක් නිර්මාණය නොකිරීමටත් වගකීමක් ඇති බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

ඇය විසින් ප්‍රහාරකයා හඳුන්වනු ලැබුවේ “වෙනත් තොකොතැනක හෝ හැදීවැඩී ඔවුන්ගේ මතවාදය ඉගෙන ගෙන නවසීලන්තයට එරෙහිව ප්‍රචණ්ඩත්වය ගෙන ආ පුද්ගලයෙකු” ලෙසය.

NZ PM Jacinda Ardern
බීබීසී සමග සාකච්ඡාවට එක්වෙමින්

සරණාගතයන් භාර ගැනීම සම්බන්ධයෙන් නවසීලන්තය අනුගමනය කර ඇති ක්‍රියාපිළිවෙත වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය එහිදී පෙනී සිටියාය.

එමෙන්ම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරු නමින් සඳහන් නොකිරීමට තමන් ගත් තීරණය වෙනුවෙන් යළි පෙනී සිටින්මින් අගමැතිනිය කියා සිටියේ එවැනි ක්‍රියාවක් මගින් නම ප්‍රසිද්ධියට පත් කර ගැනීම ඔහුගේ අවශ්‍යතාව වුවත් ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන බවය.

ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාවට ලක් වී තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇති බව වාර්ථාවෙයි.

මෙම සිදුවීම සැලකිල්ලට ගෙන නවසීලන්තයේ පවතින ගිනි අවි නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කළ බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මීට ඉහතදී පැවසීය.

“අපේ ගිනි අවි නීති වෙනස් වනු ඇති” යනුවෙන් අගමැතිනිය පැවසීමත් සමග ගිනි අවි නීති සංශෝධනය කළ යුතු බවට නවසීලන්තය තුළ මතයක් නිර්මාණය විය.

ගිනි අවි නීති සංශෝධනය පිළිබඳ තොරතුරු මාර්තු 25 වන දා වන විට නිවේදනය කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ජසින්ඩා ආඩර්න්
ජසින්ඩා ආඩර්න්

“මේ කෲර ත්‍රස්තවාදී ක්‍රියාව සිදුවී දින 10ක් තුළ අපේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංශෝධන නිවේදනය කරනවා,” ඇය සඳහන් කළාය.

“අපි කැබිනට් මණ්ඩලය විදිහට තීරණයක් ගත්තා. අපි ඔක්කම එකඟයි,” අග්‍රාමාත්‍යවරිය මාධ්‍යවේදීන්ට පැවසීය.

මේ අතර, අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිකුරාදා (මාර්තු 15) සඳහන් කර තිබුණේ, “ප්‍රහාරයෙන් වැඩි ම බලපෑමක් සංක්‍රමණික වැසියන්ට සිදුව ඇති අතර නවසීලන්තය ඔවුන්ගේ නිවහන වන” බවය.

Twitter හි @jacindaardern කළ පළකිරීම: What has happened in Christchurch is an extraordinary act of unprecedented violence. It has no place in New Zealand. Many of those affected will be members of our migrant communities – New Zealand is their home – they are us.

මෙම ප්‍රහාරය හමුවේ, අග්‍රාමාත්‍යවරිය ක්‍රියා කළ ආකාරය එරට වැසියන්ගේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසාදය පළ වෙමින් තිබේ.

Twitter හි @allisonBeDemure කළ පළකිරීම: That's what I love about @jacindaardern she won't jump to conclusions, will wait until all the Intel is in before using the T word. Unlike our PM in Aust who would spread fear, your PM reassures the public and calms their fears. She's brilliant!
People pray during the burial ceremony of a victim of the mosque attacks, at the Memorial Park Cemetery in Christchurch, New Zealand March 21, 2019.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ නවසීලන්තයේ පදිංචිව සිටින ශානිකා සෝමතිලක පැවසුවේ, “නවසීලන්තය තුළ කිසිදු ජනකොටසක් අඩු සැලකිල්ලකට ලක් නොවන” බවය.

“ඒ නිසයි නවසීලන්ත අගමැතිනිය කිව්වේ, සංක්‍රමණිකයින්ගේත් නිවහන නවසීලන්තය කියලා. අගමැතිනිය ඒ කියපු දෙයින් සියලු පුරවැසියන්ට සමාන වටිනාකමක් ලැබුණා.”

Vigil at Al Noor mosque, Christchurch

මේ අතර, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහි කරමින් සමරු වැඩසටහන් රැසක් නවසීලන්තයේ පැවැත්වුණු අතර, මෙම සතියේ ද කිහිපයක් සැලසුම් කර තිබේ.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය
Zaid Mustafa sits in his wheelchair and prays for his brother Hamza and father Khalid at their funeral at the Memorial Park Cemetery in Christchurch, New Zealand, on March 20, 2019. Zaid was injured during the shooting.

සැකකරු ගැන

නවසීලන්ත ප්‍රහාරය
සැකකරු

සති අන්තයේදී මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සැකකරු 2017 වසරේ නොවැම්බර් මාසයේදී ගිනි අවි බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ඔහු සතුව ගිනි අවි 5ක් තිබී ඇති බවය.

සැකකරුට ගිනි අවියක් අලෙවි කළ ගිනි අවි අලෙවිසල වන ‘ගන් සිටි’ ආයතනය පැවසුවේ, සිය ආයතනය සැකකරුට ගිනි අවි අලෙවි කර ඇතත් සිකුරාදා වෙඩි ප්‍රහාරයට යොදා ගත් ආකාරයේ අධිබල ගිනි අවි අලෙවි නොකළ බවය.

අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කරන ලෙස නවසීලන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කර ඇති බව රේඩියෝ නිව්සීලන්ඩ් ගුවන් විදුලි සේවය මේ අතර වාර්තා කළේය.

නවසීලන්ත ප්‍රහාරය
ප්‍රහාරකයාගේ හිසේ පැළඳි කැමරාව මගින් විසුරුවා හරින ලද දර්ශනවල දක්නට ලැබුණු ආයුධ

නවසීලන්තයේ ගිනි අවි භාවිතය පිළිබඳ විශේෂ තොරතුරු

  • ගිනි අවියක හිමිකරුවෙකු වීමට අවශ්‍ය අවම නීත්‍යනුකූල වයස අවුරුදු 16කි. ඊට අමතරව අර්ධ ස්වයංක්‍රීය යුද්ධමය ගිනි අවි සඳහා එම වයස් සීමාව අවුරුදු 18කි.
  • නවසීලන්තය තුළ පෞද්ගලික හිමිකාරිත්වය ඇති ගිනි අවි සංඛ්‍යාව මිලියන 1.5කි.
  • සියලු ගිනි අවි හිමිකරුවන් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වුව ද, සියලු ගිනි අවි ලියාපදිංචි කළ යුතු නොවේ. මෙවැනි තත්ත්වයක් ඇති රටවල් අතලොස්ස අතරින් නවසීලන්තය එකකි.
  • අර්ධ ස්වයංක්‍රීය යුද්ධමය ගිනි අවි අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු වුව ද, එම නීතියෙහි හිඩැස් ඇති බවට චෝදනා එල්ල වේ.
  • ගිනි අවි බලපත්‍රයක් ඉල්ලුම් කරන්නෙකු අපරාධ සහ වෛද්‍ය වාර්තා පිළිබඳ පරීක්ෂණයකට ලක් විය යුතුය.
  • යමෙකු ගිනි අවි බලපත්‍රයක් ලබා ගතහොත්, ඔහුට ගිනි අවි ඕනෑ ම සංඛ්‍යාවක් මිල දී ගත හැකිය.
විපතට පත්වූවන් වෙත ගිය අගමැතිනිය

උපුටාගැනීම – බීබීසී සිංහල සේවය