දුර්වල පන්දු රැකීමෙන් නැවතත් ලංකාව පරාජයට

0
97

NEWSNOW | – කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවූ දෙවැනි තරගයෙන් ද ඔස්ට්‍රේලියාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 122 ක් රැස්කර ගැනීමට සමත් වුණි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට උදේශිකා ප්‍රබෝධිනි සමත් වූයේ පළමු පන්දුවාර තුනේ දී කඩුලු දෙකක් ලබා ගනිමිනි.

නමුත් ඉන් අනතරුව අභියෝගයක් ලබා දීමට සෙසු පන්දු යවන්නන් සමත් නොවීම කැපී පෙණින. කෙසේ වෙතත් දුර්වල පන්දු රැකීම හමුවේ ඔස්ට්‍රේලියාවට තරගය අවසන් වීමට පන්දු 3 ක් ඉතිරිව තිබිය දී, කඩුලු 5 ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණි.