දුම්රිය ගමන්වාර අවලංගු කිරීමෙන් මගීන් දැඩි අපහසුතාවයකට

0
71

NEWSNOW | – අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු තිබේ.

මේ හේතුවෙන් අද(16) පෙරවරුවේ කාර්’යාල සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවය.

ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here