දිස්ත්‍රික්ක 22කට ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්

0
1

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරු 11.51ට දිස්ත්‍රික්ක 22ක් ආවරණය වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙට (05) අලුයම 1.00 දක්වා වලංගු වන මෙම නිවේදනයට අනුව, අද පස්වරු 1න් පසු අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, පොලොන්නරුව, බදුල්ල, මන්නාරම, මහනුවර, මාතලේ, මාතර, මුලතිව්, මොනරාගල, රත්නපුර, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට දැඩි අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

එබැවින්, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැඩි ලෙස දැනුම් දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here