ඩිමොක්‍රටික් පක්ෂයට ට්‍රම්ප්ගෙන් රතු එළියක්. විරුද්ධ පනත් නිෂේධ කරන බවට අනතුරු අඟවයි

0
3

අමෙරිකානු කොංග්‍රසයේ බලය ඩිමොක්‍රටික් පක්ෂය අතට පත්වීමේ පසුබිමක, තමන් විරුද්ධ වන නීති සම්පාදනයන් අවහිර කිරීම සඳහා ජනාධිපති ධුරයේ නිෂේධ බලය (Veto Power) භාවිත කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

‘VETO’ යන වචනය සඳහන් රතු පැහැති තොප්පියක් දක්වමින් ට්‍රම්ප් මෙම පණිවිඩය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Fox News වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂය තමන් එකඟ නොවන පනත් ඉදිරිපත් කළහොත් ඒවා නිෂේධ කිරීමට පියවර ගන්නා බවයි.

දිගින් දිගටම පනත් නිෂේධ කිරීමට සිදුවුවහොත් අවසානයේ ඩිමොක්‍රටික් පක්ෂයට තමන් සමග සාකච්ඡා මේසයට පැමිණීමට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණයෙන් පසුව ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු දැනටමත් තමන් සම්බන්ධ කරගෙන ඇති බව ට්‍රම්ප් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව, දෙපාර්ශ්වය අතර ඉදිරි දේශපාලන එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වීමේ හැකියාවක් පවතින බවයි ඔහුගේ ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here