පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අදියර 1 යටතේ නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇත.
අද (15) පූර්වාහ්න 10.00 සිට හෙට (16) පූර්වාහ්න 10.00 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු ඒ අවට ප්‍රදේශ සඳහා අදාළ වන අතර, එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට නායයෑම් අනතුරු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.

