දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

0
15

ඉදිරි පැය 24 තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අද (29) පස්වරු 2.00ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර, සුළඟේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 25ත් 35ත් අතර අගයක් ගනු ඇත.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී. 45 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං පැයට කි.මී. 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට වැඩිදුරටත් අවවාද කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here