දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

0
5

අද (15) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක්ද, ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

එසේම උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 30-40 ක තද සුළං හමා යා හැකි බැවින් අකුණු සහ තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ඉදිරි පැය 24 තුළ හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් තැනින් තැන වැසි ඇති වන අතර, කන්කසන්තුරය සිට හලාවත දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50-60 දක්වා වැඩි වී මුහුද විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here