ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වන ශ්‍රී ලංකා – ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් සහ කමිඳු මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණත් දඟපන්දු යවන ක්‍රීඩක කේශර නුවත්ත මෙහිදී සිය මංගල ටෙස්ට් වරම් දිනාගත් අතර, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කළ 171 වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය.
එසේම, කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යළිත් සංචිතයට කැඳවා තිබීම කැපී පෙනෙන අතර, ඔහු මීට පෙර අවසන් වරට ටෙස්ට් තරගයක් නියෝජනය කර ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය.

