දිවයින පුරා ජලාශවල ජල ධාරිතාව දැඩි ලෙස පහළට

0
6

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග වාර්තාවලට අනුව සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව 18% දක්වාත්, හුරුළු වැවේ ජල මට්ටම 24% දක්වාත් අඩු වී තිබේ. මීට අමතරව ඇතිමලේ වැව 5%, මොරවැව 9%, වෙහෙරගල ජලාශය 15%, කවුඩුල්ල වැව 20%, පදවිය වැව 22% සහ තබ්බෝව වැව 28% දක්වා ජල ධාරිතාව පහත වැටී ඇත.

මේ අතර, අද දිනයේදීත් දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව නැගෙනහිර පළාතට මෙන්ම පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 සිට 45 දක්වා අගයක් ගනු ඇති බවට අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here