ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා, දැනට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දී නමැත්තියගෙන් ප්‍රකාශ ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (28) අවසර ලබා දුන්නේය.
මෝෂමක් ගොනු කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ ඝාතන සිදුවීමට සම්බන්ධ ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම අත්‍යවශ්‍ය බවයි.
ඒ අනුව, ලබන 2 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් අදාළ ප්‍රකාශය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ඒ පිළිබඳව බන්ධනාගාර අධිකාරීවරයා දැනුවත් කරන ලෙසත් පොලිසිය කළ ඉල්ලීමට සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

