දරුණු සුළි කුණාටුවක් ගැන ජපානයට අනතුරු ඇඟවීම්

0
11

ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ ටෝකියෝවට ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂිත පැයට කිලෝමීටර් 194 දක්වා ප්‍රබල සුළං සහිත මේ වසරේ 25 වැනි සුළි කුණාටුව හේතුවෙන් එරට කාලගුණ අංශ විසින් ජනතාව වෙත දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කුණාටුව සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති අතර, ටෝකියෝ ප්‍රාන්තයේ ඔෂිමා නගරයේ නිවාස 1,901ක පදිංචිකරුවන් 3,020 දෙනෙකු සඳහා ඉහළම මට්ටමේ නිවාසයෙන් ඉවත් වීමේ අනතුරු ඇඟවීම් (evacuation warnings) නිකුත් කර ඇත. මිලිමීටර් 350 දක්වා වූ අධික වර්ෂාපතනය නිසා චිබා ප්‍රාන්තයෙන් නායයෑමක් ද

වාර්තා වන අතර, පවතින අවදානම හමුවේ ගුවන් ගමන් 300ක් පමණ අවලංගු කර දුම්රිය ගමනාගමනය ද අත්හිටුවා තිබේ. එමෙන්ම පවතින හදිසි කාලගුණික තත්ත්වය සලකා බලමින් ජපාන අගමැතිනි සානේ ටකයිචි මහත්මියගේ එක්සත් ජනපද සංචාරය ද ප්‍රමාද කිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here