අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනයට

0
12

දිවයිනට ඊසාන දෙසින් පිහිටි අන්දමන් මුහුද ආශ්‍රිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු තීරයේ වැසි සහ සුළං තත්ත්වය ඉහළ යා හැකි අතර, කන්කසන්තුරයේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු තීරයට විටින් විට වැසි ඇතිවිය හැකිය.

කන්කසන්තුරය සිට හලාවත දක්වාත්, මාතර සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි අතර, මුහුදු රළ උස මීටර් 2.0-2.5ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින් ඉදිරි නිවේදන පිළිබඳ විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here