uncategorized දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි By Newsnow Sinhala - June 16, 2025 0 160 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව සමගි ජන බලවේගය පවසයි.එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.