ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලංකික තරුණයෙකු තුවාල ලබයි

0
149

NEWSNOW | –   අද (16) උදෑසන ඉරාන මිසයිල ප්‍රහාරයකින් තවත් ශ්‍රී ලංකික තරුණයෙකු තුවාල ලබා තිබේ.

ඒ බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ප්‍රහාරයකිනි. 61 54

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඉදිකිරීම් සඳහා පැමිණි පුද්ගලයෙකු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නැවති තරුණයෙකි.

මේ වන විට තුවාලකරු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බව ද නිමල් බණ්ඩාර මහතා පවසයි.

එසේම ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබුණි.