දකුණු චීන මුහුදේ චීන ඉදිකිරීම්වලට වියට්නාමයෙන් දැඩි විරෝධයක්

0
10

දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය තුළ සිදුවන සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය ප්‍රකාශ කරයි.

අදාළ දූපත් සමූහයේ කුඩා දූපතක චීනය විසින් අලුතින් ඉදිකිරීමක් සිදුකරන බවට පසුගිය සතියේ වාර්තා වීමත් සමඟ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම විරෝධය පළ කර තිබේ.

ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙය කල්තියා අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතියක ආරම්භයක් විය හැකි බවයි. 1974 වසරේ සිට චීනයේ පාලනය යටතේ පවතින මෙම මුළු දූපත් සමූහයේම අයිතිය වියට්නාමයද හිමිකම් කියන අතර, මෑත කාලයේදී වියට්නාමයද සිය හමුදා කඳවුරු ජාලය ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව එම මුහුදු සීමාව සඳහා පිලිපීනය, මැලේසියාව, තායිවානය සහ බෲනායි යන රටවල්ද හිමිකම් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here