ඉන්දු – අමෙරිකා ඒකාබද්ධ දැවැන්ත හමුදා අභ්‍යාසයක් උත්තර්කන්ද් සහ රාජස්ථාන්හිදී ඇරඹෙයි

0
5

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් ප්‍රාන්තවල විශේෂ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

දෙපාර්ශ්වයෙන්ම හමුදා සාමාජිකයින් 600කට ආසන්න පිරිසක් එක්ව සිටින මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන්නේ කඳුකර සහ අර්ධ කඳුකර භූමි ප්‍රදේශවල හමුදා මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීම බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඩ්‍රෝන යානා මෙන්ම ස්වයංක්‍රීය නිරීක්ෂණ හා ඔත්තු බැලීමේ පද්ධති බහුලව භාවිත කිරීම මෙවර අභ්‍යාසයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර, මෙකී ඒකාබද්ධ පුහුණුව හරහා දෙරටේ හමුදාවන්ට උපක්‍රමික දැනුම සහ ක්‍රියා පටිපාටි හුවමාරු කරගනිමින් විවිධ මෙහෙයුම් පරිසරයන් තුළ මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here