දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක්

0
199

NEWSNOW | – දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීයවී තිබේ.

මේ හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බවද වාර්’තා වේ.

ඒ අසල පිහිටා ඇති ග්‍රින්ඩාවික් නගරයෙහි වැසියන් සියලු දෙනා මේ වන විට ඉන් ඉවත් කර තිබේ.

අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනානත්යක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇත.

කෙසේවෙතත් ගිනි කන්ද අවට ගුවන් ගමන් සඳහා මේ වන විට බාධා මතුව නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.