තුන්වන පාසල් වාරය අදින් අවසන්

0
238

NEWSNOW | COLOMBO – රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ.

නව වසරේ පළමු පාසල් වාරය ජනවාරි 02 වනදා ආරම්භ කිරීමට නියමිත ය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 02 වැනිදා ආරම්භ වන අතර ලබන 12 වැනිදා දක්වා එය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට දැනුම් දෙන්නේ, මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තුන්වන පාසල් වාරය අවසන් වන අද දින ද, පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර ද දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කරන ලෙසටයි.

සියලු පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම‍ට කටයුතු කරන ලෙස සියලු පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ ආරක්ෂාව උදෙසා විභාගය පැවැත්වීමට පෙර පහසු දිනයකදී හා විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඉරිදා දිනයකදී දුමායන කටයුතු සිදුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.