ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

0
9

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.

අද (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පවතින බන්ධනාගාර නීති සහ රෙගුලාසි යටතේ එවැන්නක් සිදුවීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

එහිදී මාධ්‍යවේදීන් නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා,

“ඒ චෝදනා සම්බන්ධයෙන් අපිට පැමිණිලි ලැබිලත් නෑ’  අපි දන්නෙත් නෑ ….එහෙම වෙන්න විදියක් නෑ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීති රීති අනුව එහෙම වෙන්න විදියක් නෑ.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here