ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

0
14

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ.

අදාළ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් අනතුරුව, මෙම නඩුව විභාග කිරීම සඳහා අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මහත්වරුන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මඩුල්ල මෙලෙස පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here