ජාතික තනි කවුළුව (National Single Window) වෙළඳ පද්ධතිය ක්‍රියාත්මකයි

0
8

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන “වෙළඳාම සඳහා ජාතික තනි කවුළුව” (National Single Window) ව්‍යාපෘතිය අද දින සිට සාර්ථකව සජීවී කර ඇති අතර, එය මෙරට වෙළඳ පහසුකම් සැලසීමේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙම නව ක්‍රමවේදය ආරම්භක අදියර යටතේ අපනයනකරුවන් අංශවාදීව සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර සඳහා ප්‍රධාන වශයෙන් තේ සහ පොල් අංශ තෝරා ගන්නා ලදී. ඒ අනුව, මෙම සජීවී සැසියට එක්වන ලෙස තෝරාගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් විසින් නව ජාතික තනි කවුළුව හරහා අද දින සිය පළමු රේගු ප්‍රකාශනය (CusDec) සාර්ථකව සකස් කරන ලදී.

මෙහි මූලික අදියරේ සජීවී අත්දැකීම් සහ සොයාගැනීම් මත පදනම්ව පද්ධතිය තවදුරටත් ඔප මට්ටම් කර, නුදුරු අනාගතයේදීම මෙරට සෙසු අපනයන හා ආනයන අංශ සඳහාද මෙය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ජාතික වැදගත්කමකින් යුත් ඩිජිටල් ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරමින්, සහයෝගය දැක්වූ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්, මණ්ඩල නියෝජිතයන්, රජයේ ආයතන මෙන්ම ‘GovTech’ සහ ‘Lanka Software Foundation’ ඇතුළු සියලුම ආයතනවල කැපවීම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here