ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියේ රන්, ප්ලැටිනම් ජයග්‍රාහකයින් දිවයිනට

0
344
NEWSNOW | – තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්’මාණ ඉදිරිපත් කළ කොළඹ – 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගෙන තිබේ.

ඔවුන් ඊයේ (29) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර පසුගිය 26 දින සිට 28 දින දක්වා ලෝකයේ රටවල් 24 කණ්ඩායම් 400 ක් නියෝජනය කරමින් තරගකරුවන් 1,000 ක් පමණ සිය නිර්’මාණ ඉදිරිපත් කරමින් සහභාගී වී සිටියහ.
මෙම විද්‍යාලයේ සිසුන් තිදෙනකු මෙම තරගාවලිය සදහා ලැව් ගිනි හදුනා ගෙන එහි පිහිටීම කඩිනමින් දැනුම් දෙන ( Wild Fire Ditector ) Blaze Alert යන්ත්‍රයක් නිෂ්පාදන කර ඉදිරිපත් කර තිබූ අතර, ඒ සදහා මෙම තරගාවලියේ ප්ලැටිනම් සම්මානය හිමි වී තිබේ.
එසේම මෙම නිර්’මාණය ඉදිරිපත් කළ සිසුන් තිදෙනාට කාම්බෝජයේ පැරගොන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ 100% නොමිලේ හදෑරිය හැකි අධ්‍යාපනික ශිෂ්‍යත්ව තුනක් හිමි වී තිබේ.
තවද මෙම විද්‍යාලයේ තවත් සිසුන් තිදෙනකු සාගරය වෙත ගොස් එහි අපද්‍රව්‍ය හදුනා ගෙන ඉවත් කිරීමේ (Ocean Sweeper) යන්ත්‍රයක් මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කර තිබූ අතර ඒ සදහා රන් සම්මානය හිමි විය.
ඊට අමතරව මෙම නිර්’මාණය සදහා Most Interesting Solution යන සම්මානය ද හිමි වී තිබේ.

මෙසේ සම්මාන දිනා ගත් සිසුන් පිරිස එම විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය සබීර් මහතා සහ එම විද්‍යාලයේ පරිගණක තාක්ෂණය උගන්වන මුර්’තාසා ගුරු මහතා ද සමග ඊයේ රාත්‍රී 10.00 තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here