ජාත්‍යන්තර අපරාධ අධිකරණ නිලධාරීන්ට අමෙරිකාවෙන් සම්බාධක

0
5

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) සභාපතිනිය වන ජපාන ජාතික ටොමෝකෝ අකානේ සහ එම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වන සෙනගාල් ජාතික අබ්දුලායේ සේයි වෙත අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති අතර, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය අනුගමනය කරන දැඩි සහ පටු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස මෙය වාර්තා වේ.

අමෙරිකාවේ මෙම පියවර දැඩි ලෙස හෙළාදකිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ, මෙම සම්බාධක පැනවීම තුළින් සමස්ත නීතියේ ආධිපත්‍යයම බරපතල ලෙස දුර්වල වන බවයි.

එමෙන්ම, අපරාධ වැළැක්වීම සහ සාධාරණත්වය ඉෂ්ට කිරීම උදෙසා ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ නිලධාරීන්ට මෙලෙස තර්ජන එල්ල කිරීම හේතුවෙන් සමස්ත ජාත්‍යන්තර නීති පද්ධතියම දැඩි අවදානමකට ලක්වන බව ද අධිකරණය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here