ඡන්ද දායකයින්ට විශේෂ සහනයක්

0
323

NEWSNOW – ඉදිරි ඡන්ද විමසීමේදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්දහිමියෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීම සඳහා සහායකයෙකු කැටුව යාහැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.

තවද කිසියම් කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත