චීන ජනපතිගෙන් ජනපති රනිල්ට පොරොන්දුවක්

0
158

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්’ථිකයක් නිර්’මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව චීන මහජන සමූහාණ්ඩුව සහාය දෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

ඒ ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවද චීන ජනාධිපතිවරයා පැවසීය.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ’වික සාකච්ඡා අද (20) පෙරවරුවේ චීන මහජන මහ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කථාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් වූහ.