පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අද (25) කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා ඊට අදාළ නියෝගය ප්රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දී තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ තොරතුරු වසන් කිරීම සහ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තට අදාළව හිටපු ජනාධිපතිවරයාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණි.

