ගාසා වේ අල්ශිෆා රෝහල ආසන්නයේදී පලස්තීනුවන් 100 ක් පමණ ඝාතනය කෙරේ

0
172
NEWSNOW | –  ගාසා වේ රැදී සිටින අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා පවසන්නේ අද එහි තත්ත්වය ඉතා දරුණු බවයි.
ගාසා වේ ඇති ප්‍රධාන රෝහලක් වන අල්ශිෆා රෝහල දැනට දින කිහිපයක් සිට ඊශ්‍රායල හමුදා ග්‍රහණයේ පසුවන අතර අද(23) දිනයේ එම රෝහල් ආසන්නයේදී පලස්තීන වැසියන් සියදෙනෙකු පමණ ඝාතනයට ලක්ව ඇති බව ඔහු පවසයි.
ඝාතනයට ලක්වූවන් අතර රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුද සිටින බව වාර්තා වේ.
තවද අසනීප තත්ත්වයෙන් පසුවූ කිහිප දෙනෙක්ද මෙහිදී ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.