ගාසා වැසියන්ට ආහාර ලබා දීම ‘මරණ දණ්ඩනයට පෙර දෙන අවසන් ආහාරය’ වැනිය

0
201

NEWSNOW | – මරණීය දණ්ඩනයට නියම  වූ  පුද්ගලයන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන්ට කැමතිම ආහාර වේලක් ලබා දෙන සිරිතක් තිබේ. එය සිහිපත් කරමින් ගාසා තීරයේ ජනතාව ඊශ්‍රායලය විසින් මරා දැමීමට පෙර හා ඔවුන් දරුණු සාගතයකින් පෙළෙන විටම එකස්ත් ජනපදය ඔවුන්ට ආහාර වේලක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටියි. එනමුත් ඇමරිකාව එවන කෑම කුමක් වුවත් එය ගැන සිතන තත්ත්වයක නොව ගාසා වැසියන් සිටින්නේ, දිවි ගලවා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරියේය. අත්‍යවශ්‍ය ආහාර ආධාර යැවීම සඳහා එක්සත් ජනපදය ගාසා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තොටුපළක් ඉදි කරමින් සිටියි.

මේ අතර උත්සන්න වෙමින් පවතින ජාත්‍යන්තර පීඩනයට ඔරොතත්තු දීමට නොහැකිව සිටින ඇමරිකාවේ මිනීමරු ගජමිතුරා වන ඊශ්‍රායලය පවසන්නේද ආධාරවලින් ගාසා තීරය පුරවන්නට යන බවයි. ශ්‍රී ලංකාව වැනි රටවලට එරෙහි මානව හිමිකම් දඩයමේදී දක්නට නොලැබුනු ඉහළ ඉවසීමක් දහස් ගණනින් සිවිල් වැසියන් ඝාතනය කරන ඊශ්‍රායලයට පෙන්වමින් සිටින යුරෝපා සංගමයද දැන් දැන් ඊශ්‍රයලය විවේචනය කරන්නට පටන් ගෙන ඇත.

Half of Gazans Are at Risk of Starving, U.N. Warns - The New York Times

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලය දැක්වු දරුණු ප්‍රතිචාරයට යුරෝපා සංගමය පූර්’ණ සහයෝගය දැක්වීය. ඊශ්‍රායලය විසින් ගාසාවෙහි සිදු කරමින් සිටින දරුණු මානව හිමිකම් උල්ලංඝන සාධාරණීකරණය කරමින් යුරෝපා සංගමය තමන්ගේ ආත්මාරාක්‍ෂාවට කටයුතුකිරීමට ඊශ්‍රයලයට අයිතියක් ඇත යැයි මසකට පෙර සිට කියමින් සිටියේය. එසේ ඊශ්‍රායලය දියත් කළ අමානුෂික ප්‍රහාර මාලාව ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර මානුෂයී නීතිය අමු අමුවේ උල්ලංඝණය කළද එම සංගමය ඇස් වසා ගෙන සිටියද දැන් එය කොතෙකුත් කරන්නට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. එසේ වුවද යුරෝපා සංගමය මෙතෙක් සිදු කර ඇත්තේ නාම මාත්‍ර හෙළා දැකීමක් පමණි. සංගමයේ සාමාජික රටවල් තවමත් නොකඩවා ඊශ්‍රායලයට මාරාන්තික ආයුධ අලෙවි කරමින් සිටිති. එම රටවල් අතර කැපී පෙනෙන්නේ ජර්’මනියයි. දෙවන ලෝක යුද්ධ සමයේදී මිලියන ගණනක් යුදෙව්වන් මරා දැමූ සහ යටත් විජිත ගවේෂණයේදී නැමීබියාවේ ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වන ජර්’මනිය ඊශ්‍රායලයට අවශ්‍ය අවි ආයුධ වලින් සියයට 28 ක්ම කිසිදු හරිියක් නැතිව පටවමින් සිටියි. එසේ වුවද අනෙක් අන්තයෙන් සංගමයේ තවත් සාමාජිකයින් වන ස්පාඤ්ඤය සහ බෙල්ජියම සදාචාරාත්මකව නිවැරදි ක්‍රියාමාර්’ග ගනිමින් ඊශ්‍රායලය සමඟ ඇති සියලුම හමුදාමය සහයෝගය නතර කර ඇත.
මේ අතර යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝශෆ් බොරෙල් අදහස් දක්වමින් දැන් ඊශ්‍රයලය ගාසාවට එරෙහිව සාගතය අවියක් කරන්නට යන බව පවසා ඇත. යුක්රේ’නයට මෙවැන්නක් සිදු වන විට එය තරයේ හෙළා දකින අප ගාසාවෙහි එය සිදු වන විටද හෙළා දැකිය යුත යැයිද ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය අමතමින් පසුගිය දින අවධාරණය කළේය.
ඊශ්‍රායලයට මිලිටරි අපනයනය සම්පූර්’ණයෙන් තහනම් කරන ලෙස ඉල්ලා නොසිට, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ප්‍රකාශ කරන සියලුම දේ හිස් කතා වනු ඇත. එනිසා ඔවුන් ගාසා තීරයට යවන කුමන ආහාර ආධාරයක් වුවද එය ඝාතනයට පෙර එළුවෙකු පෝෂණය කිරීමට සමාන වේ. යුධ ටැංකිහෝ ප්‍රහාරක ජෙට් යානා නොමැති සහ හමුදා කඳවරු නොමැති අටවා ගත් සටන්කාමීන් කණ්ඩායමක් වන හමාස් තුරන් කිරීම සඳහා ඊශ්‍රායලයට ඇමරිකානු ඩොලර් බිලියන 14 ක මිලිටරි ආධාර යැවීමට ඇමරිකාව පියවර ගනිමින් සිටී.
ගාසා අර්’බුදය නිසා බිලියන ගණනින් ඩොලර් උපයා ගන්නට කෙළ හලමින් සිටින ඇමරිකානු මරු සමාගම් සනසන්නට ඇමරිකාව කටයුතු කරන හෙයින් අසරණ පලස්තීන සිවිල් වැසියන් ආහාර ආධාර එකතු කිරීමේ ස්ථානවල පවා සිය ගණනින් ඝාතණය වෙමින් සිටිති. මෙසේ කෑමට යමක් ලබා ගන්නට පොරකමින් සිටි පලස්තීන ජාතිකයන් 400 ක් පමණ ඊශ්‍රායේලය වෙඩි තබා ඝාතනය කර ඇත. මෙයට අමතරව ආහාර හෝ ජීවිතාරක්ෂක ඖෂධ නොමැතිව තම දරුවන් රෝහල් කොරිඩෝවේ මිය යන අයුරු අසරණ පලස්තීන මව්වරු කිසිත් කරකියා ගන්නට නොහැකිව බලා සිටිති. එනමුත් සිවිල් ඉලක්ක වෙත ඊශ්‍රායල පහ්‍රාර එල්ල කිරීමෙහිනම් කිසිදු අඩවුක් නොමැත.
මේ අතර රබ්බයි නම් වන යුදෙව් ආගමික ප්‍රධානියෙකු පලස්තනී කාන්තාවන් සහ ළමයින් ඝාතනය කිරීම සාධාරණීකරණය කරමින් ආගමික තීන්දුවක් ලබා දෙන විඩියෝ දසුනක් සමාජ මාධ්‍ය කළඹමින් තිබේ. ව්‍යසනකාරී ප්‍රතිඵල පිළිබඳ අනතුරු ඇඟවීම් තුට්ටුවකට මායිම් නොකරමින් ඊශ්‍රායලයේ දැඩි මතධාරී අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ගාසා තීරයේ අන් සෑම පෙදෙසක් සේම නිසි ලෙසින් ක්‍රියාත්මක වන රෝහල් කිසිවයක් නැති දකුණු ගාසා තීරයේ රෆා පෙදෙසෙහි ගැවසෙන මිලයින එකහමාරක සිවිල් පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සම්පූර්’ණ මිලිටරි බලය මුදා හැරීමට කටයුතුකරමින් සිටියි. සටන් විරාමයක් සඳහා වන ඔවුන්ගේ පරස්පර ඉල්ලීම් සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට ඊශ්‍රායලය හෝ හමාස් එකඟ නොවීම නිසා, මෙම රාමසාන් මාසයේ පවා පලස්තනීවන්ට සැනසුමක් නොමැත. ඇමරිකානුවන් දැන් ඉදිකරමින් සිටින තාවකාලික වරාය හරහා එක්සත් ජනපද ආහාර ආධාර බෙදා හැරීමේදී මිලිටරි ක්‍රියාකාරකම්වල විරාමයක් අපේක්ෂා කෙරෙන නමුත් එයද සහතික ලෙසින් කියන්නට නොහැකිය.
නමුත් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ යුරෝපීය ආධාරකරුවන් බොහෝ විට ඊශ්‍රයලය බය කරන්නේ බොරුවටය. ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධයෙන් ගත් කල, ඔහු කරන සියල්ල හුදු දේශපාලනය වාසිතකා මිස මානුෂීයවාදය අනුව නොවේ. නිදහස් පලස්තීනයකට සහය දැක්විය යුතුය යයි ඩිමොක්‍රටික් පක්ෂය තුළ වර්’ධනය වෙමින් පවතනි ප්‍රගතශිලී හඬ සම්බන්ධයෙන් බයිඩන් සිටින්නේ දැඩි භීතියකිනි. එසේ හඬ නගන්නන් අතළොස්සක් වුවද ඔවුන්ගේ විරෝධතාවය, එළඹෙන නොවැම්බර් මස පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයේදී බයිඩන්ට තීරණාත්මක විය හැකිය. බයිඩන් දැඩි සියොන්වාදියෙකු වන අතර ඔහුගේ පරිපාලනය ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට මෙතෙක් විශාල සහයක් වී තිබේ. බයිඩන් සෙනෙට් සභිකයෙකුව සිටියදී, ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කිරීම අනුමත කරන බව  ප්‍රකාශයක් නිකුත් කළේ නොමිනිස් කම්වලට සුප්‍රකට එවකට ඊශ්‍රායල අගමැති මෙනාචෙම් බෙගනි පවා කම්පනයට පත් කරමිනි.

Palestinians Run Toward US Parachute Food Parcels Dropped on Gaza Beach: PHOTOS

මේ සම්බන්ධ පවත්වන ලද මත විමසීම්වලදී ගාසාවට සහයව ලැබනු ඡන්ද නිසා බයිඩන් සිටින්නේ දැඩි කණස්සල්ලකිනි. නැව් ගණනින් ඊශ්‍රායලයට අවි යවමින් සිටින විට බත් පාර්’සල් කිහිපයක් පැරෂුට් මගින් ගාසාවට පතිත කරන විහිළුව බයිඩන් කළේ එයින් පසුවය. එවන් එක් ආහාර පොදියක් සමග පැරෂුටයක් ගාසාවේ නිවසකට පතති වී එහි සිටි පස් දෙනෙකු මිය ගියෝය.

U.S. military airdrops meals into Gaza amid mass hunger crisis | CBC News

ගාසා තීරයේ නරක අතට හැරෙන මානුෂයී අර්’බුදය ගැන බයිඩන් සැබවින්ම සැලකිලිමත් වන්නේ නම්, ඔහුකළ යුත්තේ නෙතන්යාහු අමතා ආධාර රථ පෙළට යාමට සිය දේශසීමා විවෘත නොකරන්නේ නම්, එක්සත් ජනපද මිලිටරි සහ ආර්’ථික ආධාර කප්පාදුවකට මුහණු දීමට බලාපොරොත්තුවන මෙන් ඔහුට දැඩි ලෙස අවවාද කිරීමයි. එමෙන්ම මීළඟ වරට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට සටන් විරාම යෝජනාවක් ගෙන එන විට ඇමරිකාව නිශේධ බලය පාවිච්ච් කර එයට හරස් වනු ඇත යයි බලාපොරොත්තු නොවන ලෙසද නෙතන්යාහුට කියන්නට පුළුවන. නමුන් මෙවන් ප්‍රායෝගික කිසිවක් බයිඩන් පාලනය කරන්නේ නැත.
බයිඩන්ට ඇති අමතක වීමේ අමාරුව නිසා දැනට ලෝකයාට විහළුවක් බවට පත්ව සිටින බයිඩන්ට තම ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය සඳහා ඇමරිකාවේ සිටින සුපිරි ධනවත් යුදෙව්වන්ගේ සහය අවශ්‍ය වන තත්වයක සිටියි. එනිසා තමාට ඇත්තෙන්ම රිදෙන කිසිවක් බයිඩන් නොකරනු ඇති බව නෙතන්යාහු මනාව දනියි. මාධ්‍යය සමඟ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී සරණාගතයන් විශාල ලෙසින් රැස්ව සිටින රෆා පෙදෙසට ඊශ්‍රායල හමුදාව ඇතුල් වීම ඊශ්‍රායලයේ ‘රතු කට්ට’ පනින බවට සංකේතයක් යයි බයිඩන් කළ ප්‍රකාශයද ඊශ්‍රායේල අගමැති ශත පහකට ගණන් නොගත්තේ එහෙයිනි. එමෙන්ම ඊශ්‍රායේලය තමා කිසිවිටෙක අත් නොරින බවද ඊශ්‍රායලයේ ආරක්‍ෂාව තමාට ඉතා වැදගත් යයිද, එනිසා එහි යවනු ලබන සියලුම අවි ආයුධ නවත්වන්නට තමා කිසි විටෙක කටයුතු කරන්නේ නැත යයිද බයිඩන් හැරෙන තැපෑලෙන්ම කීවේ ඡන්දයකට මුහුණ දෙන්නට සිටින තමාට යුදෙව් සල්ලි අහිමි වනුඇතිදෝ යන බිය නිසාය.

Joe Biden has been a victim of serial underestimation | Mint

මේ අතර මාධ්‍යයට අදහස් දක්වමින් නෙතන්යාහු කීවේ රෆා පෙදෙසට තමා නිසැකයෙන්ම හමුදාව යවන බවයි. ඔහු වැඩිදුරටත් කීවේ ඔක්තෝම්බර් 7 මෙන් තවත් සිද්ධියක් ඇතිවන්නට තමා කිසිවිටෙක ඉඩ නොතබන බවයි. එමෙන්ම හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේ තම කාර්’ය භාරයට අරාබි රටවල් කිහිපයක්ම සහය ලබා දෙනු ඇත යයිද නෙතන්යාහු කීය. එනමුත් එම රටවල් කවරේ දැයි ඔහු සඳහන් කළේ නැත. එම රටවල් තමාට සහය ලබා දෙන්නට හේතුව හමාස් යනු අරාබි රටවලට නොරූස්සන ඉරානයේ එක් ත්‍රස්ත හස්තයක් බව එම අරාබි රටවල් වටහා සිටින බවද නෙතන්යාහු කීය. මේ අකාරයෙන් බයිඩන්ගේ ‘රතු කට්ට’ ප්‍රකාශයට එරෙහිව නෙතන්යාහු ගොරවන්නට වු විට වහාම බයිඩන් පය ආපසු ගත්තේය. ඒ අනුව ගාසාවෙහි හමුදා මෙහයුම් තර කරන්නට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන බිලියන ගණනින් ඉහළ දමන්නට ඊශ්‍රායේල ඇමති මණ්ඩලය පසුගිය සතියේ නෙතන්යාහුට අවසර ලබා දී ඇත. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ එළුවාට ආහාර දෙන්නට කටයුතු කරන්නේ ඌට ඇති ආදරය නිසා නොවන බවයි.