කොළඹ හා ඒ අවට ගංවතුර අවම කිරීම සදහා ව්‍යාපෘති කඩිනම් කරන්න යයි

0
54
NEWSNOW | – කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්’ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්’ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙයි. ප්‍රමුඛතාවය හදුනාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා වැඩි දුරටත් උපදෙස් දුන්නේය.
ඉඩම් සංවර්’ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක බවයි. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්’ඝ කාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.
කොළඹින් පිට ජලාප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාතක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිලියන්දල ප්‍රධාන සංවර්’ධනය සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්’ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල එම ව්‍ය්‍යාපෘති 07යි.
ඉන් ව්‍යාපෘති 02ක් මේ වසරේ දී අවසන් කිරීමට අපේක්ෂිතයි. පිලියන්දල ප්‍රධාන සංවර්’ධනය සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්’ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල. මෙම ව්‍යාපෘති සදහා වැය කරන මුදල රුපියල් මිලියන 203කි. මීට අමතරව පෑලියගොඩ දැනට පවතින පොම්පාගාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ද මේ වසරේ අවසන් කරන බව ඉඩම් සංවර්’ධනය කිරීමේ සංස්ථාව පවසයි.
ගංවතුර උවදුරුවලට ගොදුරු විමේ අවධානම අඩු කිරීමේ අරමුණින් මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය 2019 වර්’ෂයේ සිට ක්‍රියාත්මකයි. කලු පාලමේ යෝජිත Gate Mounted Pumps ස්ථාපනය කිරීම නිර්මාණ කටයුතු ව්‍යාපෘතිය 2021වර්’ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘති 2ම මෙම වසර අවසානයේ අවසන් කිරීමට නියමිතය. මේ සදහා පිළිවෙලින් රුපියල් ලක්ෂ 10ක් සහ රුපියල් ලක්ෂ 90ක් වැය වී තිබේ.
මෙම ව්‍යාපෘති වලට සමගාමීව ගංවතුර අවම කිරීමේ අරමුණින් කොළඹ ඇළ මාර්’ග නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරමින් පවතී. ජපන් ජබර, සැල්වීනියා, ආක්‍රමණික ශාක බැවින් ඇළ මාර්’ගයන්හි වැවී ඇති මෙම ශාක ඉවත් කර, නාගරික පොලිතීන් හා ඝන අපද්‍රව්‍ය ඉවත් කර ඇළ මාර්’ග පිරිසිදු කිරීම මිනිස් ශ්‍රමය සහ යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබයි. මෙම කාර්’යය වාර්’ෂිකව සිදු කිරීමට සිදුවන බැවින් මෙම ව්‍යාපෘතිය වාර්’ෂික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බවද ඉඩම් සංවර්’ධනය කිරීමේ සංස්ථාව පවසයි.
ඉඩම් සංවර්’ධනය කිරීමේ සංස්ථාව කොළඹ ප්‍රධාන ඇල මාර්’ග හා වැටි නඩත්තු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාතියක්ද ක්‍රියාත්මක කරයි. ඒ අනුව කොළඹ ප්‍රධාන ඇල මාර්’ග කිලෝ මීටර් 44ක් නඩත්තු කිරීමද සිදු කරන්නේ මෙම ආයතනයයි. මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 295කි.
ඒ අනුව කලු ඔය ද්‍රෝනි ඇල මාර්’ග නඩත්තු කිරීම, ඇල මාර්ගයට යාබද ඇල ඉවුරු සංරක්ෂණය, නව ඉවුරු සැකසීම, ලූනාව ඇල මාර්’ගය නඩත්තු කිරීම, ලූනාව කලපුව, පැරණි ඕලන්ද ඇල හා ඒ සම්බන්ධිත ජල රැදවුම් නඩත්තු කිරීම මේ යටතේ සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here