කොළඹ බංග්ලාදේශ තානාපති කාර්යාලයේදී නව තානාපතිවරයාට සර්වාගමික නායකයන්ගේ සුබපැතුම්.

0
3

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය කලගම ධර්මරංසි හිමි, ආචාර්ය ශිව ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මා, අල්හාජ් හසන් මවුලානා සහ සගයරාජා ඇන්තනි යන සර්වාගමික නායකයෝ එක්ව සිටියහ.

එහිදී නව තානාපතිවරයා වෙත සිය සුබපැතුම් සහ යහපත් ප්‍රාර්ථනා එක්කළ සර්වාගමික නායකයෝ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ. විශේෂයෙන්ම දෙරට අතර ආගමික සහජීවනය, ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සාමාජික ඒකබද්ධතාව වර්ධනය කරගැනීමේ අවස්ථා පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම හමුවේදී ආචාර්ය ශිව ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මා මහතා විසින් බංග්ලාදේශ තානාපති සලාහුදීන් මහමුද් මහතාට සාලුවක් (පොන්නාඩේ) පළඳවා ගෞරව බහුමාන දක්වන ලදී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ජනතාව අතර පවතින මිත්‍රත්වය මෙන්ම ආගමික සහජීවනය තවදුරටත් තහවුරු කිරීමට මෙම සුහද හමුව මහඟු පිටිවහලක් වූ බව පැවැසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here