කොවිඩ් මරණ සහ රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක්

0
191

NEWSNOW  | –  ගත වූ දෙසතිය තුළ මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 53% කින් පහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එම අංශය කළ දත්ත විශ්ලේෂණයේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 48% කින් පහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඊයේ (18) දිනයේ මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයින් ගණන 1,986ක් වූ අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 2,000 සීමාවට අඩුවෙන් වාර්තා වී ඇත්තේ දින 50 කට පසුවයි.

පසුගිය සැප්තැම්බර් 5 වනදා දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3858 සීමාවේ පැවති අතර එදිනට සාපේක්ෂව අද වනවිට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සියයට 48කින් පහළ බැස තිබෙනවා.

එසේම දින 14කට පෙර දෛනික මරණ සංඛ්‍යාව පැවතියේ 180ක් වැනි ඉහළ අගයකයි.

එදිනට සාපේක්ෂව අද වනවිට දෛනික මරණ සංඛ්‍යාව සියයට 53කින් පහළ බැස තිබෙනවා.

පසුගිය අගෝස්තු 20 වනදා සිට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මෙලෙස මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව සැලකිය යුතු අගයකින් පහළ යාමට බලපා ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.