බටහිර කොලොම්බියාවේ ඇතිවූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
කොලොම්බියාවට වසර ගණනාවකට පසු මෙලෙස බලපෑ විශාලතම භූකම්පනය මෙය බවද සඳහන්ය.
කෙසේවෙතත් මේ වන විට කොලොම්බියාව තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
රිච්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය පැවසීය.
මේ අතර, පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගැණුනි.
එමෙන්ම මෙම භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කර සිටී.

