කොලිවුඩ් රංගන ශිල්පී සහ දේශපාලනඥ විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

0
340

NEWSNOW | – රංගන ශිල්පී සහ DMD නායක විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඔහු කොරෝනා ආසාදනයට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවය.

විජයකාන්ත් දෙමළ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නළුවෙකි. ඉන් පසුව ඔහු දේශපාලනයට පිවිසියේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආරම්භ කරමිනි. ඔහු පාර්’ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පාර්’ලිමේන්තුවේ විපක්ෂ නායකවරයකු ලෙස සාර්’ථකව කටයුතු කළේය.

ඔහු ප්‍රතිකාර සඳහා විදේශගත වූ අතර සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ආපසු පැමිණියේය. ඉන් පසු සෘජු දේශපාලනයෙන් ඈත් විය.

ඔහු වරින් වර රෝහල් ගත කර ප්‍රතිකාර ලබා ගත්තේය.

2020 දී කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබූ විජයකාන්ත් එයින් සුවය ලැබීය. නමුත් පසුගිය මස 18 වැනිදා විජයකාන්ත් චෙන්නායි හි නන්දම්පාකම් හි පිහිටි මයට් රෝහලට ඇතුළත් කර ඇත. නමුත් හෙම්බිරිස්සාව සහ කැස්ස නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බව පසුව පැවසුවේය. ඉන් අනතුරුව සති 2කට අධික කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ විජයකාන්ත් ජීවිතක්‍ෂයට රෝහල් පරිපාලනය නිවේදනය කර ඇත.