‘කෙහෙල්බද්දර පද්මේ’ ලබන 1 දා දක්වා යළි රිමාන්ඩ්

0
11

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා ලබන ඔක්තෝබර් 1 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී සැකකරුගේ ජංගම දුරකථන 8ක තිබී සොයාගත් වර්ණ ඡායාරූප 200ක් ඇතුළත් පිටු 76කින් සමන්විත ලේඛනයක් අධිකරණයේ නිරීක්ෂණය සඳහා පමණක් පරීක්ෂණ නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here