මාතර, කුඩාවැල්ල ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්රාවක් සහ එහි සිටි ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව ශ්රී ලංකා නාවික හමුදා ප්රකාශකවරයා පවසයි.
අතුරුදන් වූ මෙම යාත්රාව පසුගිය ඔක්තෝබර් 21 වැනි දින මුහුදු ගොස් ඇති අතර, ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් මේ වන විට නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධව විශේෂ සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත.
අතුරුදන් වූ ධීවරයින් සහ යාත්රාව සොයා අදාළ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක වේ.

