කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

0
67

NEWSNOW | – අද දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්’තමේන්තුව පැවසීය.

මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ගේ ද සහාය ලබාගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව සෑම පොලිස් වසමකටම අයත් සියලු කතෝලික/ ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථානවල පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවී මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා කිතුනු දේවස්ථාන 2,978ක් අතරින් පාස්කු දේවමෙහෙයන් පැවැත්වෙන ස්ථාන 2,239 කට අදාළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 6,837ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 464 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,882ක් සමගින් 10,183 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට කටයුතු කර ඇත.

මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරීමට ප්‍රථම එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි පරික්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන්මලු පරීක්ෂාවකට ලක් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.