කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පිත්ත අතට ගනී

0
157

NEWSNOW| – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර 03 වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙම තරගය අද (18) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09.30ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙහිදී කණ්ඩායම් දෙකම එක තරගය බැඟින් මේ වනවිට ජයගෙන තිබෙන අතර, මේ නිසා අද පැවැත්වෙන තරගය දෙරටටම වැදගත් වනු ඇති.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකට අද තරගය අහිමි විය.

ඔහු වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවනු ඇති බවයි වාර්තා වේ.