කාලගුණයෙන් තද අකුණු සහ වැසි අනතුරු ඇඟවීමක්

0
16

සෙනසුරාදා (ඔක්තෝබර් 10) අලුයම 1.00 දක්වා පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ හැකි තද අකුණු, ගිගුරුම් සහිත වැසි සහ තාවකාලික තද සුළං සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘ඇම්බර්’ (Amber) වර්ණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (09) පෙරවරු 11.00ට ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් නිකුත් කරන ලද මෙම නිවේදනයට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත් මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක ඇතුළත් වන අතර, මෙහිදී ‘රතු’ (Red) අනතුරු ඇඟවීම් සඳහා දිස්ත්‍රික්ක 17ක් හඳුනාගෙන ඇත. මන්නාරම, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, මාතලේ, මහනුවර, කෑගල්ල, ගම්පහ, කොළඹ, නුවරඑළිය, බදුල්ල, කළුතර, රත්නපුරය, මොණරාගල, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක එම ලැයිස්තුවට අයත් වේ.

අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු සහ තුවාල වීමේ අවදානම අවම කර ගැනීම සඳහා නිසි පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් තරයේ ඉල්ලා සිටී. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී නිවෙස් තුළම රැඳී සිටීම, ගස් යට රැඳී නොසිටීම සහ කුඹුරු, තේ වතු වැනි විවෘත ප්‍රදේශවලින් හා ජල මූලාශ්‍රවලින් ඈත්වීම වැදගත් වේ.

එමෙන්ම, ගිගුරුම් සහිත විට රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකෙන ලෙසත්, පාපැදි, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ඉවත් වන ලෙසත් උපදෙස් දී ඇත. ඇද වැී ඇති ගස් හෝ විදුලි රැහැන් පිළිබඳව නිතර විමසිලිමත්ව සිටින ලෙසත්, හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙසත් වැඩිදුරටත් දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here