එක්සත් ජාතීන්ගේ 81 වැනි දිනය නිමිත්තෙන් ජාතික සැමරුම් උත්සවය 24 වනදා කොළඹදී.

0
12

එක්සත් ජාතීන්ගේ 81 වැනි දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය ඔක්තෝබර් 24 වැනි සෙනසුරාදා පස්වරු 3.00ට කොළඹ 7, ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් සවාහීර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු තානාපති එච්. එම්. ජී. එස්. පලිහක්කාර මහතා සහභාගි වීමට නියමිතය. ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සහභාගි වේ.

සමස්ත ලංකා හොඳම කථිකයා තරගයේ ජයග්‍රාහිකාව වන ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ලිසාදි අයන්සා ජයසිංහ ශිෂ්‍යාව උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here