එකමුතුවේ ඉෆ්තාර් උත්සවය ‘ඉෆ්තාර් අල් වහ්දා’ අද රුහුණු විශ්වවිද්‍යාලයේදී

0
225
NEWSNOW | –  ‘ඉෆ්තාර් අල් වහ්දා’ එකමුතුවේ ඉෆ්තාර් උත්සවය අද(02) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අංශය සහ එම සරසවියේ මුස්ලිම් සිසු සංගමය එක්ව සංවිධානය කරනු ලබයි.
මේ සඳහා පහන මීඩියා පුද්ගලික සමාගම, මුස්ලිම් ඒඩ් සංවිධානය සහ ඇමසන් කොලේජ් එක්ව අනුග්‍රාහකත්වය දක්වයි.

ජාතීන් අතර එකමුතු බව සහ සහජීවනය ඔප් නංවන මෙම ඓතිහාසික ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්’ය සුජීව අමරසේන මහතා සහභාගී වන අතර විශේෂ ආරාධිතයා ලෙස එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්’ය ඊ.පී.එස්.චන්දන මහතා සහභාගී වීමට නියමිතය.
මුස්ලිම් සමාජයට අවේණික සංස්කෘතික වැඩසටහන් කිහිපයක් සමඟ රාමසාන් උපවාසය පිළිබඳ විවිධ වැඩසටහන් මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.
රුහුණු විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ශාලාවේදී අද(02) පස්වරු 4.30ට මෙම ඉෆ්තාර් උත්සවය ආරම්භ වන අතර මෙහි සජීවී විකාශය newsnow facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.