පාකිස්තානයේ රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති එක්දින ක්රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට ශ්රී ලංකා නැගී එන පිතිකරු පවන් රත්නායක සමත් විය.
එහිදී පන්දු 1061කින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් වේගවත් හා වටිනා ලකුණු 130ක් රැස් කිරීමට ඔහු සමත්වූ අතර, එම දක්ෂතාව හේතුවෙන් ඔහුගේ නම රාවල්පින්ඩි ක්රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට (Honours Board) ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
එංගලන්තය ලබාදුන් ලකුණු 430ක අතිශය අභියෝගාත්මක ඉලක්කය සාර්ථකව හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවන ඉහළම සාර්ථක ලකුණු හඹායාම සටහන් කරමින් මෙම තරගය ජයග්රහණය කළ අතර, කණ්ඩායමේ ජයග්රහණයට මුල් වූ පවන් රත්නායක මෙම තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

