උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ධාවනයට බාධා

0
9

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අතර 162/54 සැතපුම් කණුව ආසන්නයට අද (04) අලුයම විශාල පස් කන්දක් සහ ගල් කැබලි කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතු වී තිබේ.

නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීමට පැය හයක පමණ කාලයක් ගතවනු ඇති බවයි. මෙම තත්ත්වය නිසා, නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වීමට තිබූ ‘පොඩි මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය අද දින බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇත.

එමෙන්ම, දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කරන තෙක් බදුල්ලේ සිට නානුඔය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සියලු දුම්රිය ධාවන කටයුතු අද දින සඳහා අත්හිටුවා ඇති බව ද අදාළ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here