ඊශ්‍රායලය අවසන් හුස්ම හෙළමින් සිටියි – යුදවේ ජාතික ලිපිකරුවෙකු කියයි

0
1036

NEWSNOW | – ඊශ්‍රායලය පණ අදිමින් සිටින බව සුප්‍රකට යුදවේ ජාතික ලිපිකරු ආරි ෂාවිඩ් අදහස් දක්වා ඇත. තවද ගාසා තීරයෙන් වහා ඉවත් විමේ තත්වයකට ඊශ්‍රායලය හමුදා පත්ව සිටින බවත් එනමුත් අවසනාවකට ගෞරවාන්විතව එය කළ හැකි සැලසුමක් ඊශ්‍රායලය වෙත හෝ එහි හාම්පුතා වන එක්සත් ජනපදය වෙත හෝ නොමැති පවත් හීබ්රු බසින් හාරෙඩ්ස් නම් පුවත් පතෙහි පළ කර ඇති ඔහුගේ එම ලිපියේ ෂාවිඩ් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලතීෆ් ෆාරුක්

කෙසේ වෙතත් මිසරය හා කටාර් ඇතුලු අරාබි රටවල් කිහිපයක් සමග මේ සම්බන්ධව එක්සත් ජනපදය නොකඩවා හදිසි සාකච්ඡා පවත්වමින් සිටියි. ගාසාවේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමේ මුවාවෙන් හෝ නොපමාව සටන් විරාමයකට ගොස් හමාස් ඉස්ලැමික් ජිහාද් හිස්බුල්ලා හෞති අල් ගස්සාම් ආදි සටන්කාමීන් ඊශ්‍රායල හමුදාවට සහ ඊශ්‍රායලයට එල්ල කරමින් සිටින මාරාන්තික ප්‍රහාර නැවැත්වීමේ ක්‍රමෝපා ගැන එක්සත් ජනපදය හරහා ඊශ්‍රායලය සොයමින් සිටියි.

මේ වන විට විශාල සංඛ්‍යාවලින් ඊශ්‍රායල භට පිරිසක් ඝාතණය වෙමින් සිටින ඇති අතර ඔවුන්ගේ යුධ ටැංකි ඇතුලු සන්නද්ධ වාහනද සිය ගණනින් පලස්තීන සටන්කාමීන් විනාශ කර ඇත. එපමණක් නොව දැඩි අවි ආයුධ හිඟයකටද ඊශ්‍රායල හමුදාව මුහුණ දෙමින් සිටියි.

IDF soldiers killed in the Gaza Strip on December 10, 2023: Top L-R Sgt. Maj. (res.) Etay Perry, Cpt. (res.) Eliya Yanovsky, Master Sgt. (res.) Ari Yehiel Zenilman; bottom: Sgt. Maj. (res.) Gideon Ilani, Maj. (res.) Eviatar Cohen, Maj. Gal Becher, and Maj. (res.) Roman Bronshtein. (Courtesy; combo image: Times of Israel)

ගුවනින් ප්‍රහාර එල්ල කිරීමට කවදත් දක්ෂ ඊශ්‍රායල හමුදාවට මුහුණට මුහුණ ලා කරන නියම සටන කෙතරම් භයානකද යන කරුණ දැන් මනාවට වැටහෙන්නට පටන් ගෙන ඇත. දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් යන වීරෝධාර ජිහාද් සංකල්පයෙන් කටයුතු කරන නිර්’භීත පලස්තීන සටන්කාමීන් හමුවේ ලෞකික ජීවිතයට ඉතා ගිජු හා මැරෙන්නට ඉතා බිය යුදෙව්වන් අන්දුන්කුන්දුන් වී සිටිති. තවද අසරණ සිවිල් වැසියන් හා ගොඩනැගිලි මත ගුවනින් බෝම්බ දැමීම තරම් පොළොවේ පය ගසා කරන යුද්ධය පහසු නොවන බවද ඊශ්‍රායල හමුදාවට පෙනී යමින් තිබේ. එමෙන්ම දහස් ගණනින් ඊශ්‍රායල භටයන් ඝාතණය වෙමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍යය මෙන්ම ආරක්‍ෂක අංශද ප්‍රසිද්ධියේ පිළිගන්නට පටන් ගෙන ඇත.

තම ලිපියේ ආරි ෂාවිඩ් අවසන් වශයෙන් අවධාරණය කරන්නේ ඊශ්‍රායලයේ ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ප්‍රචණ්ඩ විරෝධයට දැන් මුහුණ දෙමින් සිටින නිසා පලස්තීන වැසියන්ගේ අයිතීන් ඔවුන්ට ලබා දී ඊශ්‍රායල සිය සාපරාධී ක්‍රියා සහ ආක්‍රමණය හා යුදෙව් ජනාවාස ඉදි කිරීම නවතා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. මෙම මතය දැනට සැනසුම අහිමි වී මර බියෙන් සිටින ඊශ්‍රායල වැසියන් අතරද පැතිර යමින් තිබෙන බවද පෙර නොවිරු අන්දමින් ඊශ්‍රායල වැසියන් ප්‍රතිවිරුද්ධ මත දරන කඳවුරුවලට බෙදී සිටින බවද මෙවන් තත්වයක කොතෙකුත් පලස්තීන වැසියන්ට හිරිහැර කරමින් සිටින්නට රටක් හැටියට ඊශ්‍රායලයට නොහැකි බව ෂාවිඩ් පෙන්වා දෙයි.

තවද ඊශ්‍රායල සිය නොසණ්ඩාලකම් නැවත්වුයේ නැත්නම් ඊශ්‍රායලයෙන් යුදෙව්වන් සම්පුර්ණයෙන්ම ඉවත් වන තත්වයක් ඇති වනු ඇති බව සුප්‍රකට යුදෙව් වියතෙකු වන රොසෙල් අල්ෆර් වසර දෙකකට පෙර අනතුරු ඇගවු ආකාරයද ෂාවිඩ් සිය ලිපියේ සිහිපත් කර ඇත.
එමෙන්ම ඊශ්‍රායල වැසියන් සියල්ලන්ටම පාහේ එක්සත් ජනපදය ජර්’මනිය ප්‍රංශය වැනි තවත් රටක පුරවැසිකමක් තිබෙන බවද ගමන් බලපත්‍ර හිමි බවද පෙන්වා දෙන ෂාවිඩ් නිහඬව එම රටවලට ගොස් සැනසීමෙන් වාසය කරන්නට ඔවුන් කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.

දශක හතක් පමණ යුදෙව්වන් අයුක්තිසහග ලෙස භුක්ති විඬමින් සිටි භූමි ප්‍රදේශය එහි නියම අයිතිකරුවන් නැවතත් අල්ලා ගැනීම වැළැක්විය නොහැකි නිසා ඊශ්‍රායලය යන රට අවසන් හුස්ම හෙළීම බලා සිටීම හැර යුදෙව්වන්ට දැන් කරන්නට කිසිම දෙයක් ඉතිරිව නැත යැයිද ෂාවිඩ් නිහතමානීව සිය ලිපියේ පිළිගනියි. නාම මාත්‍රයෙන් හෝ ඊශ්‍රායලය නමින් රටක් ඉතිරි කර ගන්නට නම් තිබෙන එකම මග ගහ මරා ගැනීම නොව සාකච්ඡා මාර්’ගයෙන් පලස්තීන වැසියන් සමග සාමය ඇති කර ගැනීම බවද ඔහු පෙන්වා දෙයි.

‘බෙන්ජමින් නෙතන්යාහු වැනි සියෝනිසවාදයෙන් අන්ධ වී සිටින්නන් එම මායාවෙන් ගැලවිය යුතුය. එජා සංවිධානය ඇමරිකාව හෝ යුරෝපය නොව ඊශ්‍රායලයේ ප්‍රශ්නය විසඳා ගත් යුත්තේඊශ්‍රායලමය. පලස්තීනුවන් යනු ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි ජනකොටසක් යන සත්‍යය පිළිගන්නා නව දේශපාලන මදවාදයක් ඊශ්‍රායලයේ බිහි විය යුතුය.

මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබිය හැක්කේ එවන් මානසිකත්වයක් අප ඇති කර ගතහොත් පමණි. අප මෙහි මෙතෙක් කල් වාසය කළේ අප විසින්ම ගොතා ගත් බොරුවක් මත සිටිමිනි. බොරුවට අයුෂ මඳය. මෙය පලස්තීනුවන්ට හිමි දේශයයි. රැවටීම යනු යුදෙව්වන්ට ඓතිහාසිකව පිහිටා ඇති ගුණාංගයකි. හිට්ලර් විසින් යුදෙව්වන් ඝාතණය කළ හොලෝකාස්ට් සංහාරයද මාධ්‍ය පිහිටෙන් යුදෙව්වන් පමණට වඩා පුම්බා අතිශයෝක්තියෙන් ප්‍රචාරය කරවා පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය අනුකම්පාව ලබා ගත්හ.

මෙලෙසින් යුදෙව් ජාතිය නම් වන වෘකයාට අහිසංක බැටළුවෙකුගේ සම පොරවා පලස්තීනයට එවන ලදි. පසුව එය තම බැටළු සම පසෙකලා වෘකයෙකු ලෙස කටයුතු කරන්නට විය. අද අප න්‍යශ්ටික බලවතෙකු බවටද පත්ව ඇත්තෙමු. එනමුත් සත්‍යය යටපත් කරන්ට හෝ අන් අයගේ අයිතිය සැමදා පාගා දමන්නට ඒ කිසිවක් ප්‍රමාණවත් වී නැත. පලස්තීනය යනු යුදෙව් ජාතියට දෙවියන් විසින් පොරොන්දු වු භූමියකි යන තර්කය නවීන යුගයට වලංගු වන්නේ නැත. ජෙරූසලමයේ තිබෙන පල්ලිය ගැන යුදෙව්වන් පවසන දේද අසත්‍ය ව දැන් පුරාවිද්‍යා ඝවේෂන මගින් ඔප්පු වී ඇත. අල් අක්සා නම් වන එම පල්ලිය අයිති වන්නේ මුස්ලිම්වරුන්ටය. යුදෙව්වන් එම බොරුවේ ශාපය අද අත්විඳිමින් සිටිති.

පලස්තීන වැසියන්ගේ ගල් මුල් ප්‍රහාර ලෙසින් අපට ඇති වුදු එම ශාපය අද රොකට් ප්‍රහාර ලෙසින් වර්’ධනය වී ඇත. ගිඩියොන් ලෙවී නම් වන තවත් යුදෙව් වියතෙක්ද මෙය ගැන ලියා ඇත. දශක ගණනාවක් අප එකම බොරුව නැවත නැවත්ත කියමින් සිටියොත් පලස්තීනය අයිති වන්නේ පලස්තීනුවන්ටය යන සත්‍යය යටපත් වනු ඇත යැයි අප සිතුවෙමු. නමුත් සත්‍යය කිසි වටෙක යටපත් වන්නේ නැත. අප ඔවුන්ව පාගා ගෙන සිටියෙමු. සිරගෙවල දැමුවෙමු. ඔවුන් ගම්මාන ගොඩනැගිලි පොළොවට සමතලා කර ඇත. ඔවුන්ව සමුලඝාතනය කරන්නට තැත් කර තිබේ. ඔවුන් වටා යුදෙව් ජනාවාස ඉදි කර ඇත. ඊශ්‍රායලය වටා තාප්ප ඉදි කර ගත්තෙමු. අපි ඉතා ප්‍රබල හා ආරක්‍ෂිත යැයි විශ්වාස කළෙමු. ලොව ප්‍රබලම රටවල සහයද අපට තිබුනි. නමුත් සිදු වුයේ කුමක්ද? අප නොසිතූ පරිදි ඔවුන් ශක්තිමත් වී ඊශ්‍රායලය තුලටම පැමිණ ප්‍රහාර එල්ල කර ප්‍රාණ ඇපකරුවන්වද අල්ලා ගෙන ගියෝය.

අපගේ නහය යටින්ම රොකට් ඇතුලු බිහිසුනූ අවි ආයුධ රැස් කර ගැනීමට සමත් වී සිටිති. පොළොව යටින් අති දැවැන්ත උමං ජාලවක් දි කර සිටිති. එය ඔස්සේ පොළොව යටින්ම ඔවුන් ඊශ්‍රායලයට රිංගා ප්‍රහාර එල්ල කළහ. පෙර නොවිරු අන්දමින් අපට ජීවිත හානි ඇති කර ඇත. ඊශ්‍රායලයේ චන්ද්‍රිකාව පාලනයද සියතට ගෙන ඊශ්‍රායලයේ සෑම නිවසක දොරකඩටම ඔවුන් භීතිය ගෙනවිත් දමා ඇත. පලස්තීනුවන්ගේ අයිතින් ඔවුන්ට ලබා නොදෙන තාක් අපට සැනසීමක් හෝ පැවැත්මක් නැත’ යැයි ආරි විෂාඩ් අවසන් වශයේ සිය ලිපියෙහි පවසා ඇත.