මධ්යම මැතිවරණ කමිටුව විසින් ඊශ්රායල මහ මැතිවරණයේ නිල අවසන් ප්රතිඵල ප්රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
නව ප්රතිඵලවලට අනුව, අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු ප්රමුඛ සන්ධානයට දිනා ගැනීමට හැකි වී ඇත්තේ ආසන 53ක් පමණි. ගැඩි අයිසෙන්කොට්ගේ (Gadi Eisenkot) නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානය ආසන 48ක් හිමිකර ගනිමින් තද සටනක නිරත වී ඇත. මීට අමතරව, අරාබි දේශපාලන පක්ෂ එකතුව මෙවර මැතිවරණයේදී වාර්තාගත ආසන 19ක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
සමස්ත ආසන 120කින් යුත් ‘කෙනසෙට්’ (Knesset) පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 61ක බහුතරයක් අවශ්ය වේ. කෙසේ වෙතත්, ප්රධාන පිලවල් දෙකටම එම බහුතර බලය තනිව ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින්, ඉදිරි රජයක් පිහිටුවීමේ ක්රියාවලියේදී අරාබි පක්ෂ ඉතා තීරණාත්මක බලවේගයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

