ඉරාන ජනපති පාකිස්ථානයට එයි

0
157

NEWSNOW| –  ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අද (22) පාකිස්තානයේ සංචාරයක නිරත වී තිබේ.

පාකිස්ථාන ජනාධිපතිවරයාගේ නිල ආරාධනයකට අනුව ඔහු තුන්දින සංචාරයක් සඳහා ඉස්ලාමාබාද් නුවරට පැමිණ තිබේ.

ඉරාන ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ කැබිනට් දූත පිරිසක් මෙලෙස අද පෙරවරුවේ අගනුවරට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්’තා කළේය.

මැදපෙරදිග යුද ගැටුම් මධ්‍යයේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඔහු පාකිස්තානයට ගොස් ඇත.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අතර හමුවක් අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වේ.

එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තැබීමට නියමිත බවද සඳහන්ය.

මේ අතර 2024 මැතිවරණයෙන් පසු පකිස්ථානයට පැමිණෙන පළමු ජනාධිපතිවරයා ඉබ්‍රාහිම් රයිසි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සහ පලස්තීන ප්‍රශ්නය ඇතුළු කලාපීය සහ ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here